වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. එම ගැසට් පත්‍රයට අනුව වතු කම්කරුවකුගේ දෛනික අවම වැටුප රුපියල් 900ක් ලෙසටත් ඉතිරි රුපියල් 100ක මුදල සහන දීමනාවක් ලෙසටත් එකතු කර තිබේ.
පඩි පාලක සභා ආඥාපනතේ විධි විධානයන්ට යටත්ව කම්කරු අමාත්‍යාංශ ලේකම් වරයා විසින් මෙම ගැසට් ප්‍රත්‍රය නිකුත් කර ඇති අතර, එම මේ මස 5 වැනිදා සිට බලපැවැත්වේ.