වත්කම් පෙබරවාරි 15ට පෙර කියන්න

ලබන පෙබරවාරි  මස 15 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාරදිය යුතු බවට පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම්දී ඇත.

මේ අනුව  මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ බාරදෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

දූෂණ විරෝධී නව පනතේ 82(අ) වගන්තිය ප්‍රකාරව සියලුම මන්ත්‍රීවරුන්  එම මන්ත්‍රී ධූරවලට පත් වී මාස තුනක් ඇතුළත සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුවේ.

මන්ත්‍රීවරුන් සාමාන්‍ය පරිදි සෑම වර්ෂයකම  ජුනි මස 30 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ  බාරදිය යුතු වෙයි. අලූත් පාර්ලිමේන්තුවට පත්වූ සියලුම මන්ත්‍රීවරුන්ට පෙබරවාරි 15 වැනිදාට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ මෙසේ ඉදිරිපත් කිරීමට සිදුවන හෙයින්  නැවතත් ජුනි මාසයට  එම ප්‍රකාශ ලබා ගන්නේදැයි තවමත් නිශ්චිතව තීරණයක් ගෙන නැති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *