තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේදී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට නීති බාධාවක් නැතැයි කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගොවීන්ගේ එම ප්‍රශ්නය අප වැඩි කල් යන්නට පෙර විසඳන බවට ප්‍රතිඥාවක් දෙන බවද අමාත්‍යවරයා කීය.
වන සතුන්ගෙන් වන හානිය ලංකාව පුරා බරපතල ප්‍රශ්නයක් වෙලා තිබෙනවා.මේ ප්‍රශ්නය විසඳන්නේ නැතිව ඉස්සරහට යන්න බෑ.මෙය රිළා ත්‍රස්තවාදයක් බවට පත් වී ඇති බව බොහෝ අය කියන යනුවෙන්ද ලාල් කාන්ත මහතා කීය.