ලෝක බලවතුන් සිවු දෙනෙකු එකම දා ශ්‍රී ලංකාවට

ලොව ධනවත් හා බලවත් රාජ්‍ය හතරක ඉහළ පෙළේ නියෝජිතයන් ගත වූ පැය 24 තුළ මෙරටට පැමිණීම දුලබ දේශපාලන සිදුවීමක් ලෙස සැලකේ.

ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් මහත්මිය (Alice wells), චීන විදේශ
අමාත්‍ය වැන්ග් යි (Wang Yi) රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් (Sergey Lavrov) සහ ජපාන රාජ්‍ය අමාත්‍ය කොසෝ යමමොතෝ (Kozo Yamamoto) යන මහත්වරු ඊයේ පස්වරුව වන තෙක් රට තුළ රැඳී සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවී සාකච්චා පැවැත්වුහ.

ජනාධිපතිතුමා අපේක්ෂා කරන සෑම ක්ෂේත්‍රයකම කඩිනම් සංවර්ධනයක් අත්කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට පූර්ණ සහාය දෙන බවට සියලු විදේශ නියෝජිතයෝ ප්‍රතිඥා දුන්හ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *