ලෝක ජනගහනය මිලියන 75කින් ඉහළට

2023 වසරේ දී ලෝක ජනගහනය මිලියන 75කින් වර්ධනය වී ඇති බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව 2024 ජනවාරි මස පළමු වැනි දා වන විට බිලියන 08ක පිරිසක් ලොව පුරා ජීවත් වනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මේ වර්ෂයේ ලෝක ජනගහන වර්ධන වේගය සියයට 1කටත් අඩු අගයක් ගෙන ඇති බව සඳහන් වේ.

ඒ අනුව 2024 වර්ෂය ආරම්භය වන විට සෑම තප්පරයකටම උපත් 4.3ක් වාර්තා වන විට මරණ 02ක් සිදු වීම අපේක්ෂා කෙරෙන බව අමෙරිකානු සංගණන දෙපාර්තමේන්තුව පවසා තිබේ.

2023 වර්ෂයේ දී අමෙරිකාවේ ජනගහන වර්ධන වේගය සියයට දශම 5.3ක් ලෙස සටහන් ව ඇති අතර, මෙම වර්ෂය තුළ එරට ජනගහනය මිලියන 1.7කින් වර්ධනය වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *