LK reports news sinhala

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ජනපති ස්විට්සර්ලන්තයට

2024 ජනවාරි 15 වැනි දින ස්විට්සර්ලන්තයේ ඩාවෝස් ක්ලෝස්ටර්ස් නුවරදී ආරම්භ වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් ඇත.

ලෝක ආර්ථික සංසදය යනු දේශපාලන, ආර්ථික, සමාජීය සහ පාරිසරික න්‍යාය පත්‍ර හැඩගැස්වීම සඳහා වසර ආරම්භයේදී ලෝකයේ ප්‍රධාන තීරණ ගන්නන් එකතු වන ගෝලීය වේදිකාවකි.

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, රාජ්‍ය, ජාත්‍යන්තර සංවිධාන, ගෝලීය සමාගම්, සිවිල් සමාජය, අධ්‍යයන ආයතන සහ මාධ්‍ය 1,000 කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් මෙම සංසදයට සහභාගී වන බවයි.

“මෙම සංචාරය අතරතුරදී, ජනාධිපති වික්‍රමසිංහ මහතා ස්විට්සර්ලන්ත ආසියානු වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන Green Tech Forum හි “බලශක්ති සුරක්ෂිත ශ්‍රී ලංකාව දෙසට මග පෑදීම” මැයෙන් ප්‍රධාන දේශනය පවත්වනු ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ස්විට්සර්ලන්ත ආසියානු වාණිජ මණ්ඩලය සමඟින් ව්‍යාපාරික දූත පිරිසක් මෙම සංචාරයට සහභාගී වීමට නියමිතය.

ඊට අමතරව, ජනාධිපතිවරයා රටවල් ගණනාවක සිය සගයන් මෙන්ම ප්‍රධාන ව්‍යාපාරික නායකයින් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට බලාපොරොත්තු වේ. ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය ජනාධිපතිවරයාගේ සංචාරය සම්බන්ධීකරණය කරමින් සිටින බව අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *