ලොහාන් රත්වත්තේ රිමාන්ඩ්

නීති විරෝධී ලෙස කොටස් ගෙන්වා එකලස් කරන ලද ලියාපදිංචි නොකළ  අති සුඛෝභෝගී මෝටර් රථයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ලබන 7 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි නුගේගොඩ  අතිරේක මහේස්ත්‍රාත් සංජය විජේසිංහ මහතා  නියෝග කළේය.

රේගු ආඥා පනත, දණ්ඩ නීති සංග්‍රහය, මෝටර් රථ ආඥා පනත, මුදල් විසුද්ධිකරණය ,පොදු දේපළ පනත යන වගන්තිය යටතේ චෝදනාව නැගිය හැකි වරදක් බවට මිරිහාන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරිසක මංජුල තුෂාර මහතා සහ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නුවන් ප්‍රභාත් මහත්තුරු අධිකරණයට කරුණු දැක්වූහ.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයාගේ බිරිඳ වන රශි පබා රත්වත්ත මහත්මියට අයත් මිරිහාන ඇඹුල් දිනය ශාලාව පාරේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථය ඉකුත් 26 වෙනි පොලිස් භාරයට ගැනීමත් සමග අතුරුදන්ව සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ නිවසකදී අද පෙරවරුවේ  අත්අඩංගුවට ගැනීමට මිරියාන මූලස්ථාන පොලිසියේ නිලධාරීන් පිරිසක් කටයුතු කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *