ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළදී වනජීවී නිලධාරීන් විසින් සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය හෙළිවී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ අසංක සම්පත් නමැති 31 හැවිරිදි වියේ පසුවන එක්දරු පියෙකි.
වනජීවී නිලධාරීන් පවසන්නේ අනවසරයෙන් රක්ෂිතය තුළට ඇතුළු වූ දඩයක්කරුවන් පිරිසක් වනජීවී නිලධාරීන් වෙත වෙඩිතැබීමක් සිදුකළ බවය.
එහිදී වනජීවී නිලධාරීන් විසින් ද පෙරළා වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඇති අතර එහිදී එම පිරිස පළායාමට උත්සාහ දරා ඇති බවද වනජීවී නිලධාරීන් පවසයි.
එම අවස්ථාවේදී වනජීවී නිලධාරීන් විසින් එම පිරිස ලුහුබැඳගොස් ඇති අතර එහිදී වෙඩි වැදී වැටී සිටි පුද්ගලයා සොයාගෙන ඇත.
අනතුරුව එම පුද්ගලයා වනජීවී නිලධාරීන් විසින් ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබේ.
මේ අතර ඥාතීන් පවසන්නේ මසුන් මැරීම සඳහා ගිය තම ඥාතියාට වෙඩිතබා ඇති බවටය.
ලුණුගම්වෙහෙර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.