ලිහිසි තෙල් හා ඒ ආශ්රිත නිෂ්පාදන ප්රමිතියෙන් තොරයි නම් එ පිළිබඳව තොරතුරු 1977, 0117755481, 0117755482 හෝ 0117755483 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා සිටී.
ඊයේ (17) දිනයේ වෙළෙඳ පොළ ඉලක්ක කර ගනිමින් වැටලීම් 15ක් සිදුකළ අතර එහිදී ප්රමිතියෙන් තොර රුපියල් ලක්ෂ විසිපහකට අධික වෙළෙඳ පොළ වටිනාකමකින් යුතු ප්රමිතියෙන් තොර ලිහිසි තෙල් තොගයක් අත්අඩංගුවට ගත් බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.