ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516

මෙරට ලියාපදිංචි නොවූ ආයුර්වේද වෛද්‍යවරුන් 18,516 දෙනෙකු සිටින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

ආයුර්වේද වෛද්‍යවරුන් වසර 05කට වරක් සිය ලියාපදිංචිය යාවත්කාලීන කිරීම සිදු කළ යුතු වුව ද අදාළ වෛද්‍යවරුන් පිරිස සිය ලියාපදිංචිය අලුත් කිරීමක් සිදුකර නොමැති බව වාර්තා වේ.

මීට අමතර ව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනි දින වන විට ලියාපදිංචි පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් 26,650 දෙනෙකු අතරින් 3,827 දෙනෙකු මියගොස් ඇති බවට වාර්තා වී තිබුණ ද ඒ පිළිබඳ නිවැරදි තොරතුරු යාවත්කාලීන කිරීමක් සිදු ව නොමැති බව ද සඳහන්ය.

මේ හේතුවෙන් මියගිය වෛද්‍යවරුන්ගේ ලියාපදිංචි සහතික අවභාවිත කිරීමේ ඉඩකඩක් පවතින බව ද විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *