සමාජ වෙබ් අඩවි පවත්වාගෙන යාමට හෝ එම ගිණුම් වෙත පිවිසීමට පරිශීලකයින් කිසිඳු අවස්ථාවක රජයේ ලියාපදිංචිවීමක් අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.
තවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා 2020.12.21 දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ,
සමාජ මාධ්‍ය පරිශීලකයින් හෝ ඩිජිටල් ක්‍රියාකරුවන් ලියාපදිංචි කිරීමට රජයට කිසිදු අරමුණක් නොමැති අතර මහා පරිමාණ සමාගම් වල ඩිජිටල් මෙහෙයුම් හේතුවෙන් මාධ්‍යම පරිමාණයේ සමාගම්වලට බලපෑම් එල්ල වීම නිසා ශ්‍රී ලංකාවෙන් විශාල මුදල් ප්‍රමාණයක් එම රටවලට ඇදීයැම අරමුණු කොටගෙන විදේශීය ඩිජිටල් මෙහෙයුම් ක්‍රියාත්මක කරන්නන් පමණක් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් රජය විසින් හඳුන්වාදීමට සූදානම් බවයි.