ලිට්රෝ ගෑස් මිල මෙම මස (නොවැම්බර්) වෙනස් නොකරන බවත් ඒ අනුව පසුගිය මස පැවැති මිලම මෙම මස ද ක්රියාත්මක වන බවත් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසීය.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මිල මෙම මස ඉහළ යන තත්වයක් පැවතුණ ද ගෑස් මිල ඉහළ දැමීමට කටයුතු නොකරන බවත් මනා තොග සහ මෙහෙයුම් කළමනාකරණය හේතුවෙන් ජනතාවට සහන සැළසීමට හැකිව ඇති බවත් ගුණවර්ධන මහතා කීය.
ලිට්රෝ ගෑස් කිලෝග්රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3,690 ක, කිලෝග්රෑම් 5 සිලන්ඩරයක මිල රුපියල් 1,482 සහ කිලෝග්රෑම් 2.3 සිලන්ඩරයක මිල රුපියල් 694 ක තව දුරටත් පවතින බව ද ඒ මහතා සඳහන් කළේය.