නිල්වලා ලවණ බාධකය පිළිබඳව කරුණු විමසීම සඳහා වාරිමාර්ග ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් අදාළ නිලධාරීන් කැඳවා කරුණු විමසීමට පියවර ගෙන ඇත.
මෙහිදී ලවණ බාධකය සහිත වැටියේ බාධාවන් හැකි ඉක්මණින් ඉවත්කර ගැටලු විසඳීම සඳහා ජල සම්පත් මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එකඟතාවය පළකර තිබේ.
එසේම එහිදී අමාත්‍යවරිය නිලධාරීන් වෙත වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත්තේ ඊට අදාළව ස්ථීර විසඳුමක් යෝජනා යෝජනා කර මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙසටය.