ලලිත් – කුගන් සිද්ධියට දුන් නියෝගය

මානව හිමිකම් ක්‍රියාකාරිකයන් දෙදෙනකු වන ලලිත් වීරරාජ් සහ කුගන් මුර්ගානන්දන් නමැත්තන් 2011 වසරේදී අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම සඳහා ආරක්ෂක ලේකම්වරයා වශයෙන් කටයුතු කළ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති පෙත්සම ජුලි 30 වැනිදා සලකා බැලීමට සඳහා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවු අවස්ථාවේදී එලෙස නියම කළේය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *