වතු කම්කරුවෙකුගේ දිනක වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලා ලබන 5 වැනිදා දිවයින පුරා එක්දින සංකේත වර්ජනයක් ක්රියාත්මක කිරීමට ලංකා කම්කරු කොංග්රසය තීරණය කර තිබේ.
වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වට කිහිපයක් රජය සහ වතු හාම්පුතුන්ගේ සංගමය අතර පැවැත්වූ අතර, ඒවා කිසිදු එකඟතාවකින් තොරව අවසන් විය.
එමෙන්ම වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් වතු කම්කරුවන් විරෝධතා ගණනාවක්ද පවත්වා තිබේ. ලංකා වැවිලි සේවක සංගමය එක්ව බුලත්සිංහල නගරයේදී ඊයේ (01) දිනයේද විරෝධතාවක් පවත්වන ලදී.