ලබන සතියේ පාසල් විවෘත කිරීමට සම්බන්ධව සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය ලේකම් කාර්යාලයේදි.

ලබන සතියේ පාසල් විවෘත කිරීම පිළිබඳ සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා පවසයි.

අද පෙරවරුවේ කලාප සහ අනෙකුත් වගකිවයුතු අධ්‍යාපන අංශ බලධාරීන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙන බව ඔහු පැවසීය.

ඉන්ධන හිඟය හේතුවෙන් ඇති වූ ප්‍රවාහන අර්බුදය සම්බන්ධ ගැටළු හේතුවෙන් බස්නාහිර පළාතේ, තදාසන්න ප්‍රදේශවල සහ අනෙකුත් ප්‍රධාන නගරවල ප්‍රධාන පාසල් පසුගිය සතියේ නිශ්ශබ්දව පැවති බව ලේකම්වරයා පැවසීය.

ගුරුවරුන් සහ ළමුන් පාසල්වල පැමිණීම සම්බන්ධයෙන් පසුගිය සතියේ සිදුකළ සමීක්ෂණ සහ අන්තර්ජාලය හරහා ඉගැන්වීමේ පරිචයන් පැවැත්වීමේ ප්‍රගතිය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කරන බවද ඔහු පැවසීය.

ලබන සතියේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද තීරණය කරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *