ලබන වසරේ සිට පාසල්වල ගැහැණු ළමයින් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
මෙම වැඩසටහන ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘතියක් වනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.
“නියමු ව්‍යාපෘතියක් ලෙස ගැහැණු ළමයින් ලක්ෂ තුනකට සනීපාරක්ෂක තුවා ලබා දෙනවා. ගැහැණු ළමයින් ලක්ෂ 10කට පමණ පසුව සනීපාරක්ෂක තුවා ලබා දෙනවා,” අමාත්‍යවරයා පැවසීය.