ලබන වසරේදී සංචාරක පැමිණීම මිලියන තුන දක්වා වැඩි කරගන්න සැලසුම් කර තිබෙන අතර ඒ හරහා ඩොලර් බිලියන පහක ආදායමක් අපේක්ෂා කරන බවසංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් චමින්ද රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
“මේ රටේ තරුණයන් ඉල්ලූ සිස්ටම් චේන්ජ් එක කරන්න මේ ජන වරම ලැබී තිබෙනවා. සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකයක් ඇති කරන්න නම් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කළ යුතුව තිබෙනවා.මේ වන විට සංචාරක ක්ෂේත්‍රයේ යම් ප්‍රගතියක් ලබා තිබෙනවා.ඒ ප්‍රගතිය අත්කර ගන්න උදව් වූ දේශපාලකයන්ද සිටියා. ඔවුන්ට කෘතවේදී වෙන්න කැමතියි.2024 වසර අවසන් වන විට සංචාරකයන් පැමිණීම මිලියන දෙකකට වඩා බලාපොරොත්තු වෙනවා.ඇමරිකා ඩොලර් බිලියන තුනක ආදායමක් එයින් බලාපොරොත්තු වෙනවා” යනුවෙන්ද සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.