ලක්‍ෂ 20 ක සැර බීම රේගු වාහනයෙන් මතු වේ

රුපියල් ලක්‍ෂ 20 කට ආසන්න වටිනාකමින් යුත් විදේශ මත්පැන් බෝතල් තොගයක් රේගු දෙපාර්තමේන්තුවට අයත් කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී වරාය ආරක්‍ෂක අංශය ඊයේ (18) බාරයට ගත් බව වරාය අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.

වරාය ආරක්‍ෂක අංශය අදාල කැබ් රථය තුළ තිබී විදේශ එම මත්පැන් බෝතල් 158 ක් බාරයට ගත් බවත් එම මත්පැන් වරාය අංක 2 එල්බී දොරටුවෙන් පිටතට ගෙනයෑමට උත්සහ කර ඇති බවත් එම නිලධාරියා කීය.

එම රථයේ රියදුරුගෙන් ද ප්‍රකාශයක් සටහන්කරගත් බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *