ලංවිම කෝටි 2194 ක් වතුරෙ යවලා

විදුලි බල මණ්ඩලය පෞද්ගලික සමාගම් වලින්  විදුලිය  මිලදී ගැනීමේදී සහ  ඉන්ධන මිලදී ගැනීමේදී  නියමිත වේලාවට  ගෙවීම් ප්‍රමාද කිරීම හේතුවෙන්  රුපියල් කෝටි 2194 ක ප්‍රමාද පොලියක් 2023 වසරේදී පමණක්  ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළාලුත්ම වාර්තාවක සඳහන් වේ.

තවද මණ්ඩලයේ අඛණ්ඩ මූල්‍ය අලාභ හේතුවෙන්  ලබාගත් බැංකු අයිරා කෙටිකාලීන ණය සහ දිගු කාලීන ණය සඳහා පොලී ලෙස රුපියල් කෝටි 3687ක මුදලක් 2023 වර්ෂයේදී පමණක්  වැය කර තිබූ බව  එහි දැක්වේ.

එසේම විදුලි බල මණ්ඩලයට වෙළඳ ණයගැතියන්ගෙන් රුපියල් කෝටි දෙසීයකට වැඩි මුදලක් වසර පහකට වැඩි කාලයක සිට අය නොවී පැවතුන බව විගණන කාර්යාලය පවසයි.

තවද ශ්‍රී ලංකා විදුලි බල පනතේ වගන්ති වලට පටහැනිව නියාමකගෙන් අධිකාරී බලය ලබා නොගෙන උත්පාදන බලපත්‍රයක් ලබාගෙන නොතිබුණු විශ්‍රාම ලක් ස්වාධීන බලශක්ති නිෂ්පාදකයන් දෙදෙනෙකුගෙන් 2023 වර්ෂයේදී රුපියල් කෝටි 200ක්  ගිගාවොට් 27.31 ක බලශක්ති මිලදීගෙන තිබූ බව
විගණනයේදි තොරතුරු හෙළිවී ඇත.

මේ අතර 2023 වර්ෂයේ පළමු මාස නවය සඳහා විවිධ දීමනා වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේ සහ වැටුප්  සේවක සංඛ්‍යා කොමිෂන් සභාවේ නිර්දේශය සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය නොමැතිව රුපියල් කෝටි  පනහකට වැඩි මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *