බස්

ලංගම ජනතාවට තම ගම්බිම් බලා යාමට අමතර බස්රථ සපයයි.

අදින් ආරම්භ වන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් මගීන්ට සිය ගම්බිම් බලා යාමට තවත් බස් රථ යොදවන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය අද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංගම නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ, අප්‍රේල් 8 වැනිදා සිට බස් රථ සේවා කටයුතු සඳහා කාලසටහන සකස් කර ඇති බව ය.

“කොළඹ මධ්‍යම බස් නැවතුම්පළට ඊයේ දිනයේදී වැඩි පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වුණා. ඒ නිසා අපි ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමට අමතර බස් රථ යොදවා තිබෙනවා,” ඔහු පැවසීය.

“අද පස්වරුවේ සහ සවස් කාලයේ මධ්‍යම බස් නැවතුම් පොළෙන් වැඩි පිරිසක් තම ගමන් බිමන් සඳහා භාවිත කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ නිසා අමතර බස් රථ 250කට වැඩි ප්‍රමාණයක් දුර ගමන් සේවා සඳහා යෙදවීමට ලංගමය තීරණය කර තිබෙනවා,” ස්වර්ණහංස පැවසීය.

දුරගමන් සේවා සඳහා අනුයුක්ත කිරීමට ඇතැම් බස් රථ දුරස්ථ ඩිපෝවලින් ආපසු කැඳවා ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ස්වර්ණහංස පැවසුවේ බස් රථ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අංකයක් (011 232 80 81) දැනුම් දී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *