Friday, October 30, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වසර තුනකදී රුපියල් බිලියන 249ක දැවැන්ත මත්ද්‍රව්‍ය තොගයක් පොලිස් දැලට“ඔයාලගේ රටවල පාස්පෝට් තියෙන අයට ලැබෙන්නේ ඔහොම සැලකිලි තමයි!”: ඩබ්ලින් ගුවන්තොටුපොළේදී Ryanair කාර්ය මණ්ඩලය කළ ජාතිවාදී ප්‍රහාරය ගැන සංගක්කාරගෙන් සැර හෙළිදරව්වක්!ඌව වෙල්ලස්ස සරසවියේ නව උපකුලපති ධුරයට මහාචාර්ය එච්.එම්.ජේ.සී. පිටවලහෝමාගම පොලිස් අත්අඩංගුවේදී සැකකරු මියගියේ පහරදීමකින් සිදුවූ තුවාල නිසා බවට විශ්වාස කෙරේ; නිල ක්‍රියාපටිපාටිය උල්ලංඝනය වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පිළිගනී“බෝ නොවන රෝග පරදවන්න ක්‍රීඩා සංස්කෘතියක් හදන්න; ඇවිදින මංතීරුවලින් උපරිම වැඩ ගන්න”: 2027 අයවැයට පෙර ජනපති අනුර කුමාරගෙන් විශේෂ උපදෙස් මාලාවක්පාතාල බිරිඳගෙන් කෝටි 12ක අල්ලස් ගත් සිද්ධිය: හිටපු ඇමැති විජයදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් සහ සුපිරි වාහන අල්ලස් කොමිසමෙන් තහනම් කරයි“KDU රෝහල රජයේ එකක්ද? පුද්ගලික එකක්ද? ” – ඇඳන් 800ක රෝහල භාවිත නොකිරීම සහ රුපියල් ලක්ෂ 84ක තඹ පටි සොරකම ගැන කෝප් කමිටුවෙන් උපදෙස්“ඩොක්ටර්ස්ලාට හොරෙන් අපස්මාර බෙහෙත් නවත්තන්න කිව්වේ ChatGPT”: ඇමසන් ඉංජිනේරුවරියකගේ අභිරහස් මරණයෙන් පසු OpenAI සමාගමට එරෙහිව දැවැන්ත නඩුවක්යෝජිත ත්‍රස්ත විරෝධී සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත් විධිමත් සමාලෝචනයකට ලක්කරන්නැයි ලංකා වාණිජ මණ්ඩලය රජයෙන් ඉල්ලයිඉන්දීය නාවික හමුදාවේ පළමු පුහුණු බලඝණයට අයත් නෞකා ත්‍රිත්වය නිල සංචාරය නිමාකර දිවයිනෙන් පිටත්ව යයි
ප්‍රවෘත්ති

ලංගම ආදයම ඉහළ යයි

ලංගම ආදයම ඉහළ යයි

ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107ක් අතරින් 12ක් හැර ඉතිරි බස් ඩිපෝ 95ම පසුගිය මාසය තුළ දිනකට එක් ඩිපෝවකින් ලක්ෂ එකහමාර බැගින් ආදායමක් උපයා තිබේ. මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය සතු බස් ඩිපෝ 107ක් අතුරින් ඩිපෝ 12 හැර අනෙකුත් ඉතිරි ඩිපෝ 95 මෙම ආදායම උපයා ඇත. ප්‍රවාහන කළමනාකරණ සේවා, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය වෙත ගොස් එහි ප්‍රගතිය පිළිබඳ සමාලෝචනයක් සිදු කළේය.

දැනට පාඩු ලබන බස් ඩිපෝ 12 තුළ ඉහළම පාඩුවක් වාර්තා වන බවත් එම බස් ඩිපෝද, ආදායම් ලබන තත්ත්වයට පත් කිරීම සඳහා නව පියවර රැසක් ගැනීමට යෝජනා කර තිබේ.

මෙතෙක් පාඩු ලබන ආයතනයක්ව පැවැති ලංගම පසුගිය මාසය තුළම ලාභ ලබන තත්ත්වයට පත් කර ගැනීම හැකි වුයේ නව රජය තුළ සේවක උනන්දුව ඉහළ යාම නිසා බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ලංගම අපේ රටේ පැරණිම රාජ්‍ය ආයතනයක් වන නිසා එහි කීර්තිය පවත්වාගෙන යමින් විනයගරුක හා නීතිගරුක, සෙසු රියදුරන්ට ආදර්ශවත් ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

එමෙන්ම ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රගමනය උදෙසා ඉදිරියේදී තවත් නවමු වැඩසටහන් රැසක් මේ වනවිට යෝජනා කර තිබේ.

රජයට බරක් නැති ආයතනයක් වශයෙන් ලංගම ඉදිරි කාලය තුළ ඉහළම ලාභ ලබන තත්ත්වයට පත් කළ හැකි බවත් අලුතින් බස් රථ 500ක් මිලදී ගැනීමට රජය තීරණය කර තිබීමත් මෙම වසර තුළ Low Floor Bus හෙවත් පහත් පතුල් සහිත බස් රථ 2000ක් ලංගම බස් රථ ඇනියට එක් කිරීමට රජය තීරණය කර තිබේ.

දැනට ලංගම සතුව බස් රථ 7000ක් පමණ තිබෙන අතර ඉන් 5700ක් ධාවනයට සුදුසුම මට්ටමේ පවතී. දෛනිකව බස්රථ 700ක් පමණ ධාවනය නොකරන අතර ඊට ප්‍රධාන වශයෙන් බලපා තිබෙන්නේ අලුතෙන් සේවකයින් බඳවා නොගැනීම නිසා හෙයින් රියදුරු හා කොන්දොස්තරවරුන් පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. එමෙන්ම ධවනය කළ හැකි සියලුම බස් රථ දෛනිකව ධාවනයට යොදවන ලෙසත් ලංගම සියලුම සේවකයන් කැප වී එම ආයතනය ලාභ ලබන ඉහළම ආයතනයක් බවට පත් කිරීම සඳහා සහයෝගය පළ කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *