ලංකාව ගැන ජූලි චන්ග් සතුටින්

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය, සාමකාමීබව සහ එදිනෙදා ජන ජීවිතය පිළිබඳව අතිශයින් සතුටු වන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නීය.

අධිකරණ, අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා සමග ඊයේ(08) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශයේදී පැවති හමුවකදී ජුලි චන්ග් මහත්මිය මේ බව සඳහන් කර තිබේ.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත, ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කාර්යාල පනත් පිළිබඳව අධිකරණ අමාත්‍යවරයා සහ තානාපතිනිය අතර අදහස් හුවමාරු කර ඇති බව වාර්තා වේ.

ජල ශාස්ත්‍රීය සේවය පිහිටුවීම, ජල ශාස්ත්‍රීය මැනුම් විධිමත් කිරීම, නාවික සිතියම් නිර්මාණය කිරීම ආදී නාවික හා සමුද්‍රීය කටයුතු සම්බන්ධයෙන් කෙටුම්පත් කරන ලද නව ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත පිළිබඳව ද තානාපතිනිය අමාත්‍යවරයා සමග එහිදී සාකච්ඡා කර ඇති බව අධිකරණ අමාත්‍යංශය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *