කොළඹ නගරයේ සහ දීපව්‍යාප්තව මහාපරිමාණ ව්‍යාපෘතිවල සේවයේ යෙදි සිටින චීන ජාතිකයින් පරීක්ෂා කර, උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
වෛද්‍යවරුන් , සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිළධාරී කණ්ඩායම් එම ව්‍යාපෘති ස්ථානවලට ගොස් නව කොරෝනා වෛරස සම්බන්ධයෙන් දැනුවත් කිරීම සිදු කරන අතර රෝග ලක්ෂණ සහිත චීන ජාතිකයින් හමුවුව හොත් ඔවුන් ඉතා කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමුකරවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය පැවසුවාය.