රෝහිතගේ දියණියට – ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුනවර්ධනගේ දියණිය වන රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට විදෙස් ගමන් තහනමක් මතුගම අධිකරණයෙන්  නිකුත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා එකලස් කල ජීප් රථයක් පරිහරණය කිරීමේ චෝදනාවට ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර එම ජීප් රථයේ පෙර අයිතිකරු වූ රොෂෙල් මෙලනි අබේගුණවර්ධන යන අය සහ ඇයගේ සැමියා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔවුන් පදිංචි නිවෙස් වෙත ගියත් ඔවුන් එම නිවසේ නොසිටි බැවින් එම යුවළ විදෙස් ගතවීමේ සැකයක් පවතින බවට වලාන දුෂණ මර්ධන ඒකකය සහ මතුගම පොලිසිය විසින් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමක් අනුව අධිකරණය විසින් රොෂෙල් මෙලනි අබේගුණවර්ධනට සහ ඇයගේ සැමියාට මෙසේ විදෙස් ගමන් තහනමක් නිකුත කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *