’’රේගු අධ්‍යක්‍ෂ එන වැඩවලට අපි එන්නෙ නෑ’’ – රේගු වෘත්තිය සමිති සන්ධානය

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් පී.බී.එස්.සී.නෝනිස් මහතා සහභාගි වන කිසිඳු නිල රාජකාරියකට හෝ රැස්වීමකට රේගු වෘත්තිය සමිති සන්ධානයේ සාමාජිකයන් සහභාගි නොවීමට තීරණය කළ බව එම සංගමයේ උසස් නිලධාරියෙක්  පැවසීය.

රේගු වෘත්තිය සමිති සන්ධානය එළඹි එම තීරණය එහි සියලු සාමාජිකයන්ට අද පෙරවරුවේ දැනුම් දුන් බව කී එම නිලධාරියා රේගු අධ්‍යක්‍ෂ ජනරාල්ගේ ක්‍රියාකළාපය පිළිබඳව එකඟ වියනොහැකි බව ද සඳහන් කළේය.

වර්තමාන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඉවත් කර නව අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙක් පත්කරන ලෙස ජනාධිපතිවරයා සමඟ ඊයේ (21) පැවැති සාකච්ඡාවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කළ බව ද එම නිලධාරියා කීය.

වර්තමාන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තව දුරටත් කටයුතු කරන්නේ නම් රේගුවේ කටයුතුවලට බාදාඇතිවීම වැලැක්විය නොහැකි බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *