රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය ශ්‍රී ලංකාවට සංචාරකයින් 100,000 ක් පමණ ගෙන්වා ඇති අතර එමඟින් ඇමරිකානු ඩොලර් මිලියන 165 ක ආදායමක් උපයා ඇති බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීටතුංග මහතා පවසයි.
රෙඩ් වින්ග්ස් ගුවන් යානයෙන් තවත් සංචාරකයින් 410 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ හරහා දිවයිනට පැමිණි බව ඔහු පැවසීය.