ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට බලය හිමි රුවන්වැල්ල ප‍්‍රාදේශීය සභාවේ ලබන වසරට සදහා වූ අයවැය ඊයේ (28) දිනයේ පරාජයට පත්වී තිබේ. අයවැයට විපක්‍ෂව ඡන්ද 17 ක්ද පක්‍ෂව ඡන්ද 11 ක්ද හිමිවිය.
අයවැයට විරුද්ධව එක්සත් ජාතික පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් 9 දෙනෙකු, සම සමාජ පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් තුන්දෙනෙකු, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් දෙදෙනෙකු, ජනතා විමුක්ති පෙරමුණේ මන්තී‍්‍රවරයෙකු සහ ස්වාධීන කණ්ඩායම් මන්තී‍්‍රවරයෙකු ඡන්දය ප්‍රකාශ කර තිබේ.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරියක් සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරයෙක් ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී ඇති අතර, යටියන්තොට ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාද අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කළ බවයි වාර්තා වන්නේ.