රුපියල් මිලියන දස දහසකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට

රුපියල් මිලියන දස දහසකට අධික වටිනාකමින් යුත් කොකේන් කිලෝ 500ක් හා අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 500 ක් ජාත්‍යන්තර මුහුදු සීමාවේ නාවික හමුදා බාරයට ගත් බව නාවික හමුදාව පවසයි.

ඉකුත් 28 වැනිදා උදෑසන 9.30ට පමණ ශ්‍රී ලංකාවේ දකුණු වෙර‍ළේ සිට නාවික සැතපුම් 463ක පමණ දුරින් රාජ්‍යක ධජයක් රහිතව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබිදී මෙම විදේශීය යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ. මීට අමතරව එහි තිබී බාබුල් නම් මත්ද්‍රව්‍ය පැකට් 200ක් සහ තවත් හඳුනා නොගත් මත් පෙති 100g ක් පමණ වන ප්‍රමාණයක් ද තිබූ බව වාර්තා වෙයි.

මෙම විදේශීය යාත්‍රාව ශ්‍රී ලංකා නාවික හමුදාව වැඩිදුර පරීක්‍ෂණ සඳහා අප්‍රේල් මස 01 වන දින දික්ඕවිට වරායට ගෙන දැඩි පරීක්‍ෂාවකට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *