තමන්ට එරෙහි අසත්‍ය චෝදනා එල්ල කිරිමට එරෙහිව අමාත්‍ය විමල් වීරවංශ මහතාගෙන් රුපියල් කෝටි 100 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුයුදීන් මහතා පවසයි.
පසුගිය යහපාලන රජයේ කැබිනට් අමාත්‍යවරයයෙකු ලෙස තමන් ගත් සියලු තීන්දු තීරණ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ලබා ගත් බවයි රිෂාඩ් බදුයුදීන් මහතා පෙන්වා දෙන්නේ. එමෙන්ම තමන්ට හෝ තම පවුලේ කිසිවකුට විදෙස් රටක බැංකු ගිණුම් නොමැති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදුයුදීන් මහතා සඳහන් කළා.
දේශපාලන වාසි අපේක්ෂාවෙන් දකුණේ ඇතැම් දේශපාලනඥයන් විසින් තමන්ට විරුද්ධව අසත්‍ය චෝදනා සමජ ගත කිරිමට උත්සහ දරන බවයි බදුයුදීන් මහතා මෙහිදී චෝදනා කළේය.