අලංකාරවත් ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද(14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.
රාත්‍රී 9.00 පසුව උතුරු-නැගෙනහිර අහසේ දර්ශනය වන මෙම උල්කාපාත වර්ෂාව පැයකට උල්කාපාත 120 ක් පමණ දැකගත හැකි බව එම මධ්‍යස්ථානය කියයි.
වර්ෂ අවසානයේ දැකිය හැකි ඉතා දර්ශනීය උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව හදුන්වයි.
එම උල්කාපතයක වේගය තත්ත්පරයට සැතපුම් 22 ක් පමණ වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය කියයි.
පෘතුවිය 3200 පේතොන් ග්‍රහකයේ සුන්බුන් හරහා ගම් කරන විට එම කොටස් පෘතුවියේ වායුගෝලයේ ගැටීම හේතුවෙන් මෙම උල්කාපාත ඇති වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.