රැකියා අහිමිවන අයට රනිල්ගෙන් මසකට රුපියල් දසදහසක්

එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ උත්සවය අද (16) පස්වරුවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.

මෙම අවස්ථාවේදී එම උත්සව අවස්ථාව ඇමතූ රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ ආණ්ඩු බලය ලබා ගැනීමට තරඟ වදින එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂය බවත් ඒ සඳහා නිසි වැඩසටහනක් ඉදිරිපත් කරන බවත්ය.

එමෙන්ම රැකියා අහිමිවන පුද්ගලයින් වෙනුවෙන් ඉදිරියේදී මසකට රුපියල් දසදහසක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *