රාජාංගන හිමිට දැඩි අවවාද

ඇප කොන්දේසි කඩකර ඇති බව පැමිණිල්ල ඉදිරිපත්කළ කරුණුවලින් තහවුරු වුවත් සමාජගතවීමට තවත් එක් අවස්ථාවක් ලබා දෙන බවත් නැවත වතාවක් අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කළහොත් ඇප අවලංගු කර රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන බවත්  කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට දැඩිව අවවාද කළාය.

මාස දෙකක අධීක්ෂණ කාලයක්  රාජාංගණයේ සද්ධාරතන හිමියන්ට ලබාදෙන බව මහේස්ත්‍රාත් ලංකාපුර මෙනවිය පැවැසුවාය.

ඒ කාලය තුළදී අසභ්‍ය සහ අශෝභන වචන භාවිත කරනවාද යන වග සඳහන් කරමින් වැඩිදුර වාර්තාවක් අධිකරණයේ ගොනුකරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *