රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයින් සේවයට වාර්තා කිරීම හා සම්බන්ධව රජය ඉදිරිපත් කළ නිර්දේශ

හෙට (20) දිනයේ සිට ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු රාජ්‍ය සහ පුද්ගලික අංශයේ සේවකයින් සේවයට වාර්තා කිරීම සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් රජය විසින් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ රාජ්‍ය ආයතන සේවකයින් තුනෙන් එකක් සේවයට වාර්තා කළ යුතු අතර සෙසු දිස්ත්‍රික්කවල රාජ්‍ය සේවකයින් 50%ක් සේවයට වාර්තා කළ යුතු බව අදාළ නිර්දේශවල සඳහන්. එමෙන්ම සේවයට වාර්තා නොකරන රාජ්‍ය අංශයේ සේවකයින් රාජකාරි කළ යුත්තේ නිවසේ සිටයි.

අදාළ ආයතනවල සේවයට වාර්තා කළ යුතු සේවකයින් කවුරුන්ද සහ සේවකයින් සංඛ්‍යාව කොපමණද යන්න ආයතන ප්‍රධානියාගේ අභිමතයට අනුව තීරණය කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *