රාජ්‍ය සේවකයන් කැදවීම සීමා කරන්න සූදානමක්…

රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම සීමා කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයා විසින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබේ.

පවතින ඉන්ධන අර්පුදය හා විදුලිය, ජලය ආදිය භාවිත සීමා කිරීමේ අරමුණින් මෙම දැනුම්දීම කර තිබේ.

කාර්යාල කටයුතුවලට බාධා නොවන ලෙස අත්‍යවශ්‍ය කාර්යමණ්ඩල පමණක් සේවයට කැඳවීමට කටයුතු කරන්නැයි ද කොමසාරිස්වරයා දැනුම් දී ඇත.

එහිදී ආයතන ප්‍රධානියාගේ අභිමතය අනුව කටයුතු කිරීමට ඉඩ ලබා දෙන ලෙසද ඔහු ලේකම්වරයාගෙන් ඉල්ලා ඇත.

එමෙන්ම දුර බැහැර සිට සේවයට වාර්තා කරන අය තමන් පදිංචි ස්ථාන අසල සේවා ස්ථානයකට තාවකාලිකව අනුක්ත කරන්නැයිද දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් මෙම ලිපිය සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ සේ නිවසේ සිට සේවය කරන රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ද අඩු කිරීමට සිදුවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *