රාජ්‍ය දෙපාර්තමේන්තු දෙකක් ඈවර කිරීමේ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
අඟහරුවාදා (ජුනි 13) නිකුත් කළ ගැසට් පත්‍රයට අනුව රජයේ දෙපාර්තමේන්තු දෙක වන්නේ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.
අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව පාරිභෝගික ආරක්ෂණ පනතේ (1979 අංක 01) විධිවිධාන යටතේ පිහිටුවන ලද අතර එය පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් අවලංගු කරන ලදී.
1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 02 වැනි වගන්තිය යටතේ සාදන ලද සංස්ථාපිත නියෝගයක් මගින් විදුලි සංදේශ දෙපාර්තමේන්තුව පිහිටුවන ලද සංස්ථාවක් බවට පත් කර 1990 පෙබරවාරි 6 වැනි දින අංක 596/11 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදී.