රාජ්‍ය ආයතන 100කට වැඩි ප්‍රමාණයක් වසා දැමීමට සැරසෙයි.

කොමිෂන් සභා, නියෝජිතායතන සහ උපදේශක මණ්ඩල 100කට අධික සංඛ්‍යාවක සේවා අවශ්‍ය නොවන බව හෝ පවතින ආයතනවලින් ඉටු කළ හැකි බව හෙළිදරව් වීමෙන් පසු රජය විසින් ඒවායේ බලතල අවසන් කිරීමට හෝ පැවරීමට කටයුතු කරනු ඇතැයි ද සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

අවම වශයෙන් කොමිෂන් සභා, ආයතන සහ උපදේශක මණ්ඩල 50ක් වසා දැමීම සඳහා කෙටි ලැයිස්තුගත කර ඇති අතර තවත් එවැනි ආයතන 50ක් හඳුනා ගැනීමට නියමිත බව පුවත්පත් වාර්තාවේ දැක්වේ.

ආයතන වසා දැමීමට තීරණය කිරීමේදී අධික වියදම්, රාජකාරි අතිච්ඡාදනය වීම සහ ඒවායේ කාර්ය සාධනය සැලකිල්ලට ගෙන තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *