රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල්වරයා කටුනායක අධිවේගී මාර්ගයේ කඳාන ආසන්නයේදී අද අලුයම සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා.
කටුනායක දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් එම දිශාවටම ධාවනය වූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරුව මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබෙනවා.
මෙම අනතුරින් ජීප් රථයේ ගමන් ගත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් කොස්තාපල් 72542 ජයකොඩි සහ ජීප් රථයේ රියදුරු බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරයා සහ පොලිස් කොස්තාපල්වරයා ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර රියදුරු රාගම රෝහලේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය සම්බන්ධයෙන් කඳාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.