රාජගිරිය ගොඩනැගිල්ලෙන් යන්න නිලධාරීන් පිරිසක් බෑ කියයි – ඇමති විදුර ඉල්ලා අස්වෙන්න යයි

රාජගිරිය අධිසුඛෝපභෝගී ගොඩනැගිල්ලක පිහිටුවා තිබෙන කෘෂිකර්ම අමාත්‍යාංශය එම ගොඩනැගිල්ලෙන් ඉවත් කර කඩිනමින් ගොවිජන මන්දිරයට රැගෙන නොයෑම හේතුවෙන් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක තීරණය කර ඇතැයි වාර්තාවේ..

කෘෂිකර්ම අමාත්‍යාංශය දැනට ස්ථාපිත කර තිබෙන රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලෙන් ඉවත් කර යළි ගොවිජන මන්දිරයට රැගෙන යන ලෙසට කැබිනට් මණ්ඩලය තීන්දු කර තිබියදීත් අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් එම තීරණයට එරෙහිවෙමින් එම තීරණය කල් දැමීමෙන් අමාත්‍යවරයා කළකිරීමෙන් සිටින බව එම වාර්තා සඳහන් කරයි.

බත්තරමුල්ල ගොවිජන මන්දිරයේ සිට කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලට ගෙන ඒමේදී නිලධාරීන් කිහිපදෙනකුට චෙක්පත් ලැබී ඇත්දැයි අමාත්‍යවරයා මේ දිනවල සොයා බලමින් සිටින බවත් වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *