රනිල්-මෝදි ඉන්දියාවේ දී හමුවෙයි

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඉන්දියාවේදී සිදුවිය.

ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහභාගීත්වයෙන් ඉදියාවේ නව දිල්ලි නුවර භාරත මණ්ඩපයේ සංවිධාන කෙරුණු දෙසුමක් සඳහා සහභාගී වීමට ගිය අතරවාරයේදී රනිල්-මෝදි හමුව සිදු විය.

එම හමුවෙන් පසුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එක්ස් සටහනක් තබමින් ” මගේ මිත්‍ර රනිල් වික්‍රමසිංහ මහතා NXT සමුළුවේදී හමු වුණා. මම සැමවිටම අපගේ අන්තර්ක්‍රියා දෙස බලා සිටි අතර විවිධ ගැටළු සම්බන්ධයෙන් ඔහුගේ ඉදිරි දර්ශනය අගය කර ඇත්තෙමි” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *