රනිල්, කරූ සහ සජිත් අද තීරණාත්මක සාකච්ඡාවක

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ, කථානායක කරූ ජයසූරිය සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වේ. එක්සත් ජාතික පක්‍ෂයේ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන් සාක්ච්ඡා කිරීමට නියමිත් අතර බොහෝ දුරට අද දිනයේදී මෙම ගැටලූවට විසඳුමක් ලබාගත හැකි වනු ඇතැයි පක්ෂයේ නියෝජිතයින් විශ්වාසය කරනවා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම ඊයේ (19) කියා සිටියේ
එළඹෙන මහමැතිවරණයට තරග කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලපෑමක් එල්ල නොකරන බවයි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ සඳහන් කළේ අද ලැබෙන තීරණය කුමක් වුව ද, එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් පවත්වන ජනරැළි මාලාව ලබන බ‍්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු කථානායක කරු ජයසූරිය මහතා හමු වී ඉකුත් දා විශේෂ සාකච්ඡාවක ද නිරත වී ඇති බවට වාර්තා විය.

Leave a Reply

Your email address will not be published.