රනිල්ගේ මන්නාරම රැස්වීමට ආ 200ක් විසිරුවයි

ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මන්නාරමේ ඡන්ද රැස්වීමකට පෙළපාළියේ පැමිණි දෙසීයක පමණ පිරිසක් අද (17) විසුරුවා හැරි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ලැබුණු පැමිණිල්ලක් අනුව එහි ගිය මැතිවරණ සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මැතිවරණ නීතිය පිළිබඳව කරුණු වටහාදී පිරිස විසුරුවා හරිනු  ලැබූ බව ද කොමිෂන් සභාව කියයි.

මෙම පිරිස පැමිණ ඇතැයි පැවැසෙන්නේ මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පෙරටු කරගෙන බව පැවැසේ. මැතිවරණ රැස්වීම්වලට පෙළපාළි ආකාරයට ගමන් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර මැතිවරණ රැස්වීම් පිළිබඳව දැනුම් දීමට මොනරාගල ඇතුළු ඇතැම් ප්‍රදේශවල ප්‍රසිද්ධ කෙරුණු දැන්වීම්වල අපේක්ෂකයාගේ රූපය ද ඇතුළත් කර ඇතැයි ලැබුණු පැමිණිලි අනුව මැතිවරණ කොමිෂන් සභා නිලධාරීන් විසින් ඒවා ඉවත් කරනු ලැබ ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *