2024 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ෂයට රනිල් වෙන්කර කරගත් මුදලම 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා අනුර දිසානායක ජනාධිපතිවරයාත් වෙන් කරගෙන තිබෙන බව කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා (සජබ) මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජයේ අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය අමතමින් කබීර් හෂීම් මහතා මේ බව කීය.
“රනිල්ගේ වරප්‍රසාද වැඩි බව මොවුන් දිගටම චෝදනා කළා.නමුත් අතුරු සම්මත ගිණුමේ ඒ පේන වෙනසක් නෑ.
2024 වසරේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් දක්වා ජනාධිපති වැය ශීර්ශය අනුව වියදම් කර තිබෙන්නේ රුපියල් ට්‍රිලියන 1.4යි.2025 වසරේ අනුර දිසානායක ජනාධිපතිවරයාට ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා වියදම ඒ වගේම රුපියල් ට්‍රිලියන 1.4ක් මේ අතුරු සම්මත ගිණුමෙන් වෙන් කර තිබෙනවා.ඒ ගානමයි කිසිම වෙනසක් නෑ.ඉතින් එකේ වෙනස මොකක්දැයි කබීර් හා හෂීම් මහතා ප්‍රශ්න කළේය.