රනිල්ගේ ගමන හරි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවෙළ  සාර්ථකත්වයට පැමිණ ඇති හෙයින් ඊට සහයෝගය දැක්විය යුතු බව කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.

එදා කවුරැත් මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය නොදුන්නේ නම් යුද්ධයට වන්නේ කුමක්දැයි සේනාරත්න මහතා මෙහිදී ප්‍රශ්න කළේය.

සියලු බල මණ්ඩල කැඳවා තමා රටේ දැන් තත්වය ගැන පැහැදිලි කළ බව පැවසූ මන්ත්‍රීවරයා  යුද්ධ වෙලාවේදී තමා  එදා ආණ්ඩුවට  ගියේද තුන් සැරයක් බල මණ්ඩල කැඳවා බවද  ප්‍රකාශ කළේය.

“ ඒ ගියා වගේම තත්වයක් තමයි දැන් තියෙන්නෙත්. තවම මගේ  තීන්දුවක් නෑ.  තීන්දුව ගන්නකොට මම ඕගොල්ලන් ඔක්කොම අාපහු  කැඳවනවා කියලත්  කිව්වා. මේක කඩාකප්පල් කළොත් රටට ඇතිවන තත්වය ගැනත් මම ඒ අයට විස්තර කළා. එකඟ කට්ටිය ඉන්න අනෙක් කට්ටිය යන්න කියලත් මම  කිව්වා යැයි රාජිත සේනාරත්න මහතා පැවසීය.

තමා ආණ්ඩුවට යෑමට යම් විදිහකින් හෝ  තීන්දු කළොත් එතන රාජපක්ෂවරුන් සිටිනවානම් ඒක ප්‍රශ්නයක් වන බව ඔහු සඳහන් කළේය.

සේනාරත්න මහතා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී  නාලිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *