රන්ජන් රාමනායක වෛද්‍යවරයෙකු හමුවට

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද (16) යොමු කිරීමට නියමිතව තිබෙනවා.

මැගසින් බන්ධනාගාරයේ ‘‘පී’’ වාට්ටුවේ රඳවා සිටින මන්ත්‍රීවරයාගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමටයි ඔහු මෙලෙස බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද යොමු කෙරෙන්නේ.

නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත ඊයේ (15) ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා. හඬ පරීක්ෂාවක් සඳහා රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටද නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා, බන්ධනාගාර කොමසාරිස්වරයාට ඊයේ නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *