රන්ජන් රාමනායක කොළඹ ජාතික රෝහලට

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

දණහිසේ ඇති වූ ආබාධයක් හේතුවෙන් රාමනායක මහතා බදාදා (10) කරාපිටිය මහ රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

රාමනායක මහතා කොළඹ ජාතික රෝහලේ (CNH) විකලාංග සායනයට ඇතුළත් කරන ලෙස රෝහලේ වෛද්‍යවරු නියම කළහ.

එබැවින් බදාදා සවස ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරුකර යවා ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද කොළඹ ජාතික රෝහලේ විකලාංග සායනයට රැගෙන ගිය බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ඔහු අද රෝහලෙන් පිටව ගොස් ඇති අතර, නොවැම්බර් 16 වනදා යළිත් සායනයට ඉදිරිපත් කරන ලෙස රාමනායක මහතාට වෛද්‍යවරුන් දැනුම් දී තිබුණා.

රංජන් රාමනායක මහතා මීළඟ සායන දිනයේදී පෙනී සිටින තුරු වැලිකඩ වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කරන බව ඒකනායක මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *