රන්ජන්ට එරෙහි නඩුව මහින්දානන්ද ඉල්ලා අස්කර ගනී

පසුගිය යහපාලන සමයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කරන ලද ප්‍රකාශයකින් වර්තමාන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අපහාසයක් සිදු වූයේ නම් තමා ඒ ගැන කණගාටුව පළ කරන බව හිටපු ඇමැති රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර සිටියි. රන්ජන් රාමනායක මහතා මෙලෙස ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (31) නුගේගොඩ දිසා අධිකරණයේදීයි. ඒ අනුව එම ප්‍රකාශය ගැන සලකා බලා රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව ඉල්ලා අස් කර ගැනීමට මහින්දානන්ද ඇමැතිවරයා කටයුතු කළේය.

පසුගිය 2016 වසරේ ආනන්ද අලුත්ගමගේ මහතා සමඟ කරන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවක් මඟින් තමාට අපකීර්තියක් වූයේ යැයි පවසමින් ඊට වන්දි ලෙස රුපියල් මිලියන 500ක් අය කර දෙන ලෙසට මහිනිදානන්ද ඇමැතිවරයා මේ නඩුව පවරා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *