රථ වාහන දඩ මුදල් ගෙවිමේ සහන කාලය දීර්ඝ කෙරේ

රථ වාහන දඩ මුදල් ගෙවිමේ සහන කාලය ජුනි 30 වැනි දා දක්වා දීර්ඝ කර තිබේ.

තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොලීසිය විසින් 2020 පෙබරවාරි මස 16 දින හෝ ඊට පසුව නිකුත් කර ඇති එහෙත් කොවිඩ් 19 වසංගතය නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ එදින ට පෙර ගෙවන ලෙසයි.

ඒ අනුව පෙබරවාරි මස 16 සිට නිකුත් කර ඇති ගෙවීමට සම්මත කාල සීමාව ඉක්මවා ඇති දඩ පත්‍රිකා අතිරේක දඩ මුදලක් සමඟ ගෙවීමට මහජනතාවට හැකියාව ලැබෙනු ඇත.

මෙම දඩ මුදල් දිවයින පුරා ඕනැම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *