රට තුළ මුද්‍රණ කඩදාසි හිඟයක්

මේ වන විට රට තුළ මුද්‍රණ කඩදාසි හිඟයක් පවතින බව ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඩිලාන් සිල්වා සදහන් කරන්නේ චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව සහ කොරියාව යන රටවලින් මෙරටට මුද්‍රණ කඩදාසි වැඩි වශයෙන් ආනයනය කරනු ලබන අතර, ඉන්දියාව තුළ ද මේ වන විට මුද්‍රණ කඩදාසි හිඟයක් පවතින බවයි.

ඩිලාන් සිල්වා මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ කඩදාසි සඳහා වැය වන මිල ගණන් ද සියයට 30කින් පමණ ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම පවතින බහාලුම් හිඟය හමුවේ බහාලුම් මිල ගණන් ද ඉහළ ගොස් ඇති බැවින් කඩදාසි ආනයනය හා අපනයන ක්‍රියාවලියේදී ද වැඩි වියදමක් දැරීමට සිදුව ඇති බවටත් ඒ මහතා අනාවරණය කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *