රජයේ බදු සහන යටතේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල පහළට

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මගින් පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදනවල මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ රජයේ බදු සහනය ජනතාවට ලබාදීමේ අරමුණිනි. පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ගණන් හෙට (05) දිනයේදී කොළඹදී පැවැත්වෙන සංගමයේ විශේෂ රැස්වීමේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවටත් වාර්තා වේ.

ඒ අනුව, පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5.00කින් අඩුකිරීමට වැඩි ඉඩකඩක් ඇති බවද සංගමයේ ආරංචි මාර්ග වාර්තා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *